දිව්‍ය ගැළවුම්කරුවාණන්ගේ නිකායේ ඥානකාන්ති කණ්ඩායමේ දේශනාවාදී පියතුමන්ලා විසින් කෑගල්ල, දේවමාතා දේවස්ථානයේ අගෝස්තු මස 7 සිට 21 දින දක්වා දේව වචනය තුල ජනතාව පෝෂණය කිරීමෙහි මහා ධර්ම විවේකය මෙහෙයවන ලදී.

දරුවන්,තරුණ තරුණියන්, දෙමව්පියන් සහ ගිලන් වූවන් සඳහා විවිධ වැඩසටහන් මෙහෙයවන ලදී. එ් සඳහා සදාසරණ නිකායේ කන්‍යා සොහොයුරියන් ද, ගිහි කතෝලික පවුල් සේවයෙහි, පෝල් මහතා සහ රංගා මහත්මිය ද, වැඩසටහන් මෙහෙයවීමෙහිලා ඉතා විශාල සේවයක් ඉටු කරන ලදී.
මීසම් සේවක ගරු. ශ්‍රියාන් පියතුමාගේ අාරාධනය සහ මඟ පෙන්වීම තුල මෙම ඥානකාන්තිය සංවිධානය කරන ලදී.